New Song on Covid by Bandula Nanayakkarwasam Now Released On You Tube

A new song on Covid sung by Amarasiri Peris now released on You Tube. It is written by legendary lyric writer in Sri Lanka, Bandula Nanaykkarawasam and music direction by Sarath de Alwis.  Script and Visual direction is also by the Bandula Nanaykkarawasam  himself.

Folowing is the comment in 'Sinhala'  by Bandula Nanayakarawasam:

කොවිඩ් දොම්නස මට පේන්නෙ වියරු හීනයක් වගේ... පුදුම පරිස්සමකින් , කැපවීමකින් රැකගෙන ආරක්ෂාව අපි අපිම වෙලාවකට තුට්ටුවකට මායිම් නොකර හීනයෙන් වගේ වැඩ කරමින් අනතුරට පත්වෙනව ! Mask දෙකක් පැළඳ සිටියත් අපි කෑමට වාඩි වුනාම හදවතින් විතරක් නෙමේ මුවෙනුත් විවෘතව හිතූ හිතූ විදියට පරණ කදේට වැටෙනව...! මුදල් අත පත ගෑම , Mask එක දැමීම ආදිය අප කරන හැටි කැමරාවට හසු කරගත්තොත් විතරයි රඟේ තේරෙන්නෙ !

මේ දෙවියෝ - යදියෝ ගීතය තමා මගේ ජීවිතේ වැඩිපුරම මහන්සි වූ ගීතය ! ඊළඟට මේ සමඟම කළ ' හුස්ම වැටෙන්නේ ' ගීතය... ලංකාවේ හතර දිග් බාගෙ වගේම කොළඹ පිටකොටුවෙ 2nd Cross Street එකේ එළිවනතුරු කාපු කට්ට ! සහය අදියුරු ෂමීර නාඔටුන්න , කැමරාවෙ හිටපු විශ්ව , පසුතලේ යොහාන් , ගාමිණි කොස්ත ගෙ Make-Up වල ඉඳල , පුංචි රාමුවක ඉන්න උදේ 5 ඉඳන් පසුවදා වෙනතුරු වෙහෙස වූ Extras Set එක මට අමතක වෙන්නෙ නෑ ! දෙවෙනි ගීයෙ අමිත්ත වීරසිංහ , රංග පෙරේරගෙ සහ දුෂී ගෙ කැමරාවෙ , AJ , අසංක ලියනාරච්චි ඇතුළු සෞන්දර්ය උපාධිධාරීන් දුන් ආදරය ගීයේදි පවසන්නම් !

 මේ ගීතයෙ Inspiration එක වගෙම මූලික ස්වර රටාව ලා ලා ලා කියල දුන්න සරත් අය්යා , සරත් අල්විසුන් කොහොමද අමතක කරන්නෙ ? කව්ද හිතුවෙ සරත් අය්යා හාන්සි පුටුවෙ ඉඳන් මුමුණපු ලාලාව මෙහෙම ධාරානිපාත වැඩක් වේවි කියල ! මම මේ වදන් වලට එකෑවර ඉල්ලුවෙ අමරසිරි අය්ය! සරත් අය්යා එක පයින් ! අමරසිරි පීරිසුන් දුන් ඔහුගෙ කටහඬේ උපරිමය ,භාවාත්මක වාන් දැමීම පහදන්න වදන් නෑ ! කනත්තෙත් අපි එක්ක ගිනිමැල අතරෙ රැය පහන් කරන්න එකතු වුනා

දර්ශන රාජමන්ත්රී මල්ලි. දෙවියෝ ගීයෙ සංගීත සංයෝජනේදී සරත් අය්යට පුදුම නිර්ලෝභී කැපවීමක් කලේ !

දේව සංකල්පය දිහා අපි ආපසු හැරී බලමු. මිනිස්සු අතරෙ දෙවිවරු සිටිය , මේ අදත් ඉන්නවා ! හැබැයි මිනිහා දෙව් රුව සියතින් කීතු කීතු වලට ඉරා දමද්දි බහුතර මිනිස්සුන්ට අහස දිහා බැලෙන එක අරුමයක් නොවේ ! හැබැයි අපේ ක්රිකටර් ලා අර අහස දිහා බලල කරන සෙල්ලම නම් මතක් කරගන්න එපා !

 අවසාන වශයෙන් මේ මොන ශක්යතාව තිබුනත් වැඩක් නෑ , මේ රචනාව සහ ශ්රව් ගීතය ඇසු ගරු කථානායක තුමා, හරහා ජනපති තුමා , ජනාධිපති මාධ් ඒකකය මේ රූපගත කිරීමේදී දුන් රැකවරණය , දර්ශන තල අනුමැතිය වගේම යෝධ ශක්තිය අපේ මුළු කණ්ඩායමම දන්නා දෙයක් ! කළටුවාවේ ගියත් , පැල්වත්ත , සෙවනගල , ඇලහැර , මීපෙ , දඹුල්ල පැල්වෙහෙර මේ කොහි ගියත් ආශීර්වාදය තිබුනා !

අද ඉඳල දෙවියො හොයමු ! අප තුළ නැති දෙවියන් යාබදයා ළඟ දකිමු ! වැඩ කරන ඔබේම සහෝදර සහෝදරියන් තුළ දකිමු ! දෙවියනේ.... !!! දුක නසන්නේ ! මෙහි වඩින්නේ !! අහස හැර එන්නේ !!!

Note: Please do the right thing and respect the copyright laws in Sri Lanka. Please share only the song in You Tube. Do not download from the You Tube and re-publish without written permission from the copyright holders.