සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරොතුරු සම්බන්දව නිකුත් කල මාධ්‍ය නිවේදනයක්

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරොතුරු  සම්බන්දව නිකුත් කල  මාධ්‍ය නිවේදනයක්

අප්‍රේල් මස 10 දින සිට 15 දින දක්වා සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාව වස දැමීමට කටයුතු කරන බවත් එම කාලය තුල නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවත් එමෙන්ම ආහර සැපයීම බෙදාහැරීමේ සේවා , මාර්ග ගත ඇනවුම් බේකරි නිෂ්පාදන වාහන ආදී කිසිවක් එම කාලය තුල ක්‍රියාත්මක නොවන බවත් කිසිදු වෙළඳ සැලක්  ව්‍යව්ර්ත කිරීමට ඉඩ නොදෙන බවත්   සඳහම් කරමින් අසත්‍ය තොරතුරක් සමාජ ජාල ඔස්සේ සංසරණය වමින් පවතී.

එම තොරතුරෙහි කිසිම සත්‍යතාවයක් නොමැති බවත් රජය විසින් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවත් මහජනතාව වෙත දන්වා සිටිනු ලැබේ.

එසේම මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු කිරීම නොකළයුතු බවට මහජනතාවට  ශ්‍රී ලංකා පොලිසිය අවවද කරනු ලැබේ .

මෙම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාල තුල මුදාහරින සහ බෙදා හරින තැනැත්තන්ට එරහිව නීති මගින් කටයුතු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය ආරම්භ කර ඈත.